28.4 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබාලවයස්කාර දැරියක් දූෂණය කළ තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් දූෂණය කළ තරුණයා අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අපහරණය කොට දුෂණය කිරීම සම්බන්දයෙන් දැරියගේ ‍පෙම්වතා සහ මේ සදහා අනුබල ලබා දුන් පෙම්වතාගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

ඉමදුව ප්‍රදේශයේ පාලු නිවසක් තුළ සිටියදි දැරිය හා සැකකාර පෙම්වතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පෙම්වතාගේ මව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ දැරිය මේ වනවිට පරිවාස භාරයට යොමු කර ඇත. අවුරුදු 15ක් මාස 09ක් වන මෙම බාලවයස්කාර දැරිය පෙම්වතා 19 හැවිරිදි වියේ පසුවන අතර ඉකුත් 08 වැනිදා දැරිය අතුරුදහන් වී ඇති බවට දැරියගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

ඉමදුව පොලිසිය විසින් මේ පිළිබද විමර්ශනය කොට දැරිය හා සැකකාර පෙම්වතා සොයාගෙන ඇත. සැකකාර පෙම්වතාගේ මව දැරියගේ කරාබු ජෝඩුව විකුණා දැරියට ඇදුම් පැළදුම් මිලදී ගෙන මේ සදහා ආධාර අනුබල ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.