― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalතෙල් මිල වැඩි කරද්දිම ජනතාව දන්නවා ඔය එන්නෙ කසකාරයා කියලා

තෙල් මිල වැඩි කරද්දිම ජනතාව දන්නවා ඔය එන්නෙ කසකාරයා කියලා

තෙල් මිල වැඩි වීමත් සමග ලුණු කැටයේ සිට ආදාහනාගාරය දක්වා සකලවිධ භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල ඉහළ යන බවත් කබලෙන් ළිපට වැටී සිටින රටේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇත්නම් ඉන්ධන සඳහා අය කරන බද්ද අඩුකර සහන සලසා දිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“තෙල් මිල වැඩි කරලා ජනතාවගෙන් ගසාකන්න ඕන වුණු හැම වෙලාවෙම ආණ්ඩුව කරන්නේ ඉන්දියන් ඔයිල් සමාගම ලවා මිල වැඩිකර ගැනීමයි. ඉන්දියන් ඔයිල් සමාගම තෙල් මිල වැඩි කරනකොටම ලංකාව දන්නවා කසකාරයා එන්නේ පෙරහර ළඟයි තියලා.

අයි.ඕ.සී. ඉන්ධන මිල වැඩි කරලා ටික දවසක් යනකොට ආණ්ඩුව ඒක පිට දාලා තෙල් මිල වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් විදුලිබල මණ්ඩලය තව අලුත් ජාවාරමක් පටන් අරගෙන. මෙතෙක් කල් තෙල් සංස්ථාවෙන් ඩීසල් ලබා ගත්තත් විදුලිබල මණ්ඩලය ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මිලදී ගන්න යනවා. එහෙම තෙල් ගන්න ගියාම ඒ සමාගම තෙල් ඒකාධිකාරය විතරක් නෙවෙයි අපේ විදුලි බිලයටත් මිල නියම කරන තත්ත්වයක් ඇති වෙනවා. ඒක කාටවත් නවත්වන්න බෑ.

ආණ්ඩුව ඉන්ධන සඳහා ඉන්දියාවෙන් ණය ගන්නවා. එතැනදී ඉන්දියන් බැංකුව කොන්දේසියක් දානවා ඉන්දියාවෙන්ම තෙල් මිලට ගත යුතුයි කියලා. එතකොට තරගකාරී මිලක් සහ ටෙන්ඩර් කැඳවීමක් නෑ. ඒ අනුව අයි.ඕ.සී. සමාගමෙන් තෙල් ගන්න ගියාම ඔවුන් මිල වැඩි කර අපට තෙල් ලබාදෙනවා. එහෙම වෙනකොට ඉදිරියේදී නැවත වතාවක් තෙල් මිල වැඩි වෙනවා කියන්නේ ලුණු කැටයේ ඉඳලා ආදාහනාගාරය දක්වා සකලවිධ භාණ්ඩ හා සේවාවල මිල ගණන්වල වැඩි වීමක් සිදු වෙනවා.”