31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේවයෙන් පහ කළ සතොස සභාපති යළි එම පුටුවට

සේවයෙන් පහ කළ සතොස සභාපති යළි එම පුටුවට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් සේවය අත්හිටවූ සතොස සභාපති වෙනුර ගුණවර්ධන අද (15) යළි සමූපකාර තොග වෙළඳ සංස්ථාව වෙත පැමිණ සභාපති ධුරයේ කටයුතු ආරම්භ කර තිබේ.

පසුගිය කාලසීමාවේ සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සිදුවූ බවට සැකකෙරෙන රුපියල් කෝටි තුනහමාරක අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කර තිබුණි.

ඒ අනුව ස්වාධීන කමිටුවක් හරහා සිදුවන අදාළ පරික්ෂණ නිමවන තෙක් සතොස සභාපති වෙනුර ගුණවර්ධනගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබූ නමුත්එ ම පරීක්ෂණ අවසන් වී නොමැති අවස්ථාවක වෙනුර ගුණවර්ධන නැවත සතොස සභාපති ධුරයේ කටයුතු කිරීම සඳහා පැමිණ තිබේ. ඔහු අද දිනයේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා රැස්වීමක්ද පවත්වා ඇති බව වාර්තා වෙයි.