30.6 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපෙම් පළහිලව්වක් මරණයෙන් අවසන් වෙයි

පෙම් පළහිලව්වක් මරණයෙන් අවසන් වෙයි

දඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව පල්ලේවෙලබැද්ද පදිංචි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ඊයේ (14) සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි.

මාරිඅරාව පාසලක දොළොස් වන වසරේ ඉගෙනුම ලබන කේ.ජී අකිල දිල්ශාන් නැමති සිසුවෙක් මෙලෙස මියගොස් තිබේ. මියගිය තරුණයාගේ මළසිරුර නිවස අසල තිබියදී නිවැසියන්ට හමුවී තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් කඩවීමෙන් සිත් තැවුලට පත්ව මෙම ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මියගිය සිසුවාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.

දඹගල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.