30 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිපක්ෂයේ කොටස්වලට වන හිරිහැර අප උකුසු ඇසින් බලා සිටිනවා

විපක්ෂයේ කොටස්වලට වන හිරිහැර අප උකුසු ඇසින් බලා සිටිනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

විපක්ෂයේ කොටස්වලට සිදු වන හිරිහැර පිළිබඳව සමඟි ජන බලවේගයට අනුබද්ධ සමඟි තරුණ බලවේගය උකුසු ඇසින් බලා සිටින බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

“විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන හිංසනය දැඩි ලෙස හෙළා දකිනවා. ඔවුන් සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් රැක ගැනීමට. ඔවුන්ගේ මෙහෙවර අගය කරනවා.

ප්‍රගතිශීලී බලවේග මර්දනය කිරීමට ගෙන යන උත්සාහය සමස්ත තරුණ ප්‍රජාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් ලෙස දකිනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නායකයන්, සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ පිටපත ක්‍රියාත්මක නොකරන මාධ්‍යයන් මර්දනය කිරීමේ ක්‍රියාවලියේ පෙර නිමිති විවිධ සිදුවිම්වලින් පෙන්නුම් කරනවා.මේ තත්ත්වයන් පරාජය කිරීමට හැකි උපරිමයෙන් ක්‍රියා කිරීමට පසුබට වන්නේ නෑ.”

උපාලි කරුණාරත්න