― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical2027න් පසු IMF උදව් අවශ්‍ය නැහැ - ෂෙහාන් සේමසිංහ

2027න් පසු IMF උදව් අවශ්‍ය නැහැ – ෂෙහාන් සේමසිංහ

2027 වසරෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරි මාසය තුළ උද්ධමනය 7% සිට 8% දක්වා පහළ යනු ඇතැයි අමාත්‍ය සේමසිංහ වැඩිදුරටත් පැවසීය.