― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅගමැතිගෙන් චමුදිතට කෝල් එකක් - කාවද සැක? අහලා

අගමැතිගෙන් චමුදිතට කෝල් එකක් – කාවද සැක? අහලා

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමගේ නිවසට එල්ල වූ ප‍්‍රහාරය පිළිබදව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගෙන විමසා තිබේ.

ඊයේ පෙරවරු 7.45ට පමණ චමුදිතගේ දුරකථනයට ඇමතුමක් ගෙන මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැක කවුරුන් හෝ සිටීදැයි අග‍්‍රාමාත්‍යවරයා චමුදිතගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේ චමුදිත අග‍්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ එසේ පුද්ගලයන් සැක කිරීමේ හැකියාවක් තමන්ට නැති බවත් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්ය.