― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalහොරෙන් ගෙට ඇවිත් ටී 56කින් බිරියට වෙඩි තියලා

හොරෙන් ගෙට ඇවිත් ටී 56කින් බිරියට වෙඩි තියලා

කළුතර මතුගම ගාමිණී මාවතේ පදිංචිව සිටින අසංක නමැති ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කඩා වැදුන දෙදෙනෙක් ව්‍යාපාරිකයාගේ බිරිඳට ටී. 56 ගිනි අවියකින් හිසට වෙඩි තබා ඝාතනය කර පලායාමේ සිද්ධියක් වාර්තා වේ.

මතුගම ප‍්‍රදේශය කේන්ද්‍ර කරගත් පාතාල කල්ලි දෙකක නායකයන් වන ‘ශාන්’ සහ ‘ගවරි’ යන පාතාල නායකයන් අතර පවතින ආරවුලක් මීට හේතු වී ඇත. පැමිණි දෙන්නාගේ අරමුණ වී ඇත්තේ ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කරන්නට වුණත් එය කළ නොහැකිවූ නිසා බිරිය මරා ගොස් තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට ඔවුන් දිව ආවත් ඔහු තම බාල පුත‍්‍රයා ද සමග කාමරයකට පැන සැඟවී දිවි ගලවාගෙන තිබිණි. අපරාධකරුවන් ඔහු සැඟවුණු කාමරයටද වෙඩි තබා ඇති අතර ඉන් ව්‍යාපාරිකයාට තුවාල සිදුවී ඇත. නමුත් බිරිය එළියේ සිටි නිසා ඇය ඝාතකයන්ට හසුව ඇති අතර ඇයට වෙඩි තබා ඔවුන් පැනගොස් තිබුණි.

මෙම සිද්ධියෙන් මියගියේ 40 හැවිරිදි චන්දිමා දිල්හානි නමැති තිදරු මවකි. පාතාල මිනීමරුවන් මුහුණු ආවරණය වන හිස් වැසුම් පැළඳ ටී 56 සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකක් රැගෙන පැමිණ ඇති බව සීසීටීවී පරීක්ෂාවේදී අනාවරණයවී තිබේ.
තිදරු මවට සහ ඇගේ සැමියාට ටී. 56 අවියෙන් වෙඩි ප‍්‍රහාර 7 ක් එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් දිවි බේරාගත් සැමියා අසංක මතුගම ප‍්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක් හා ජංගම දුරකථන අලෙවිසලක් පවත්වාගෙන යන්නෙකු බවත් කලකට ඉහත දකුණු කොරියාවේ රැකියාවක් කර පැමිණි අයෙකු බවද වාර්තා විය. මෙම ව්‍යාපාරිකයා මතුගම ප‍්‍රදේශයේ පාතාල නායක ‘ගවරි’ සමඟ සමීපව කටයුතු කර තිබුන අතර විදෙස්ගතව සිට පාතාලය මෙහෙයවන ශාන් නමැති ගව්රිගේ විරුද්ධවාදියෙකු පලිගැනීමේ චේතනාවකින් මෙම ඝාතනය සිදුකර ඇතැයි වාර්තාවේ.

මීට සතියකට පමණ පෙර මතුගම නගරයේ පිහිටි ශාන්ට අයත් බව කියන මූල්‍ය ආයතනයකට පිරිසක් කඩා වැදී ඊට ප‍්‍රහාරයක් එල්ල කර විනාශ කර තිබූ අතර එය සිදු කර ඇත්තේ අසංකගේ හිතවතා වූ ගව්රි බවට සැකයක් තිබී ඇත. එයට එකට එක කිරීමක් ලෙස මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි වාර්තා පළවේ.
මෙම ව්‍යාපාරිකයා තමන්ට ප්‍රති ප්‍රහාරයක් එල්ලවන බව දැන සිටි බවත් නිවසට මීට දින තුනකට පෙර සී සී ටී වී කැමරාද සවිකර තිබූ බවත් පොලිසිය සොයාගෙන ඇත.එල්ලවී ඇති තර්ජන නිසා සවස 6 න් පසුව නිවසේ දොරවල් විවෘත කරගෙන පිටතට නොයන ලෙස ව්‍යාපාරිකයා තම බිරිඳට පවා අවවාද කර තිබූ බව පැවසේ.

නමුත් සිද්ධිය වූ අවස්ථාවේ රාත‍්‍රි 8.30 ට පමණ නිවස බල්ලන්ට කෑම දැමීම සඳහා දොර විවෘත කරගෙන ව්‍යාපාරිකයාගේ බිරිය පැමිණි අවස්ථාවේ සැඟවී සිටි පාතාල මිනීමරුවන් දෙදෙනා මෙම ප්‍රහාරය ආරම්භ කර තිබුණි. මිනීමරුවන් දුටු සැණින් ව්‍යාපාරිකයා තම 11 හැවිරිදි බාල පුත‍්‍රයාද රැගෙන නිවසේ උඩුමහලේ කාමරයකට දිව ගොස් සැඟවී ඇති අතර 17 හැවිරිදි අනෙක් දරුවා උඩුමහලේ සිටි ඇති අතර ඔහුද ඝාතකයන්ගෙන් බේරීමට උත්සාහ කර තිබේ.

ඝාතකයන් ව්‍යාපාරිකයා සැඟවුණු කාමරයේ දොර විවෘත කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථවීමෙන් පසුව කාමරයට වෙඩි ප‍්‍රහාර 5 ක් එල්ල කර තිබේ. ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට නොහැකි වූ තැන පාතාල මැරයන් බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇති බව පොලිසිය පවසයි. ව්‍යාපාරිකයාගේ බිරිඳ සිහිසුන්ව බිම වැටී සිටි අවස්ථාවේ පාතාල මිනීමරුවන් ඇගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බව හෙළිව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුවේ.