25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරගය නිමා වූ පසු බොහෝ අය නිදහසට කරුණු කියද්දී ලෝක වාර්තා පොතට...

තරගය නිමා වූ පසු බොහෝ අය නිදහසට කරුණු කියද්දී ලෝක වාර්තා පොතට ගිය දිනේෂ් රට වෙනුවෙන් පිළිතුරු සෙවුවා

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ

අන්තර්ජාතික ක්‍රීඩා පිටියට යන බොහෝ අය තරගය නිමා වූ පසු නිදහසට කරුණු කියද්දී හෙල්ල විසි කිරීමෙන් ලෝක වාර්තාවක් ද සමඟ රන් පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩාවෙන් රටට අවශ්‍ය පිළිතුරු සෙවූ බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම ඊයේ ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම හිමි කර දෙමින් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කමක් දිනා ගැනීම ද රටට අභිමානයක් බව ඇමැතිවරයා සදහන් කළේය.

පැරාලිම්පික් වංශකථාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කළ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට හා සමිත දුලාන් කොඩිතුවක්කුට ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් දහසින් බැඳි පියලි පුද කරන බවත් ඒ සියල්ල ජනතා බදු මුදලට නිසි ගෞරවයක් බැවින් එය පොදු ජනතා ඇගයීමක් වනු ඇති බවත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඊයේ දිනයේ ලෝක වාර්තාවක් ද සමඟ රන් පදක්කමක් දිනා ගැනීමත් සමඟ ක්‍රීඩා ඇමැතිවරයා ටෝකියෝ වෙත දුරකතන ඇමැතුමක් දෙමින් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට හා ඔහුගේ පුහුණුකරුට සිය සුබ පැතුම් එක් කළේය.

ඇමැතිතුමා: මල්ලී, මගේ සුබපැතුම්! හොඳට කළා, ලෝක වාර්තාවක් එක්කම.

දිනේෂ් ප්‍රියන්ත: ඔව් සර්. සර් අපට කළ දේට අපිත් කළා. මෙච්චර දවසක් එහෙම වුණේ නෑ නේ. අපව කපලා දාල පැත්තක හිටියේ.

ඇමැතිතුමා: එහෙම කියන්න එපා…

දිනේෂ් ප්‍රියන්ත: නෑ සර්. සර් අපට දෙයක් කළාම අපිත් හොඳටම කරනවා.

ඇමැතිතුමා: ස්තුතියි ස්තුතියි මල්ලී. ඔයාලා හොඳට කළා. මටත් හරිම සතුටුයි. මොකද: හැම තිස්සේම අපේ අය ඉන්නේ එක්ස්කියුසස් හොය හොය නේ. ඔයාලා එක්ස්කියුසස් වෙනුවට ආන්සර්ස් හොයනවා. ඉතින් ජයග්‍රහණය කරන්න හේතු හොයන්න හොඳ එක්සාම්පල් එකක්. ඔහොම ඉදිරියට යං. කෝච්ටත් සුබ පැතුම් එක් කළ බව කියන්න. අනෙක් අයටත් මගේ සුබ පැතුම්!

මෙවැනි ජයග්‍රහණ වෙනුවෙන් ශ්‍රී ලංකා පැරාලිම්පික් සම්මේලනය තම ක්‍රීඩකයන් නිසි පරිදි පෙළගැස්වීම ශ්‍රී ලාංකේය ක්‍රීඩා සංගම්වලට හා සම්මේලනවලට හොඳ ආදර්ශයක් බව ද ඇමැතිවරයා පැවසීය. ඔවුන් ඉතා ක්‍රමානුකූලව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන පිරිසක් බැවින් ශ්‍රී ලංකා පැරාලිම්පික් සම්මේලනය වෙත සුබ පැතුම් එක් කරන බව ක්‍රීඩා ඇමැතිවරයා දිනමිණට පැවසීය.

 

ප්‍රින්ස් ගුණසේකර