― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalපන්සලේ පිං කැටේට විද්ද තරුණිය අත්අඩංගුවට

පන්සලේ පිං කැටේට විද්ද තරුණිය අත්අඩංගුවට

පල්ලම, නන්දිමිත්‍ර නව වංගු රජමහා විහාරයෙන් රුපියල් 250,000 මුදලක් සොරකම් කළ සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පල්ලම පොලීසියට ලද තොරතුරක් මත ආඩියාගම ප්‍රදේශයේදී ඊයේ (16) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරදු 40 හා 22ක් වූ උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් විසින් සොරාගන්නා ලද මුදලින් රුපියල් 40,900 සොයාගෙන ඇත. එම සැකකරු හා සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී රස්නායකපුර, මහකුඹුක්කඩවල හා කොබෙයිගනේ යන පොලිස් වසම්වල විහාරස්ථානවලද මුදල් සහ දේපළ සොරා ගැනීමේ අපරාධ ගණනාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔවුන් දෙදෙනා අද (17) ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.