26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට ගොඩනඟන එජාප සැලැස්ම 75 වැනි සංවත්සරයේදී

රට ගොඩනඟන එජාප සැලැස්ම 75 වැනි සංවත්සරයේදී

Author(s): 
ශිරෝමි අබයසිංහ

රට ගොඩනැගීම සඳහා වන ජාතික සැලැස්ම පක්ෂයේ 75 වැනි සංවත්සරය පාදක කරගෙන ප්‍රකාශයට පත් කරන බව එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

“ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව, දැනුමේ ආරක්ෂාව යන ප්‍රධාන කරුණු පදනම් කරගෙන රටේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව ජාතික සැලැස්ම සකස් කරන බව හෙතෙම පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංත්වත්සරය සම්බන්ධව කරුණු දැක්වීමට කොළඹදී ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කීවේය.

එක්සත් ජාතික පක්ෂය කියා කියන්නේ ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ බිහි කළ මව් දේශපාලන පක්ෂයයි. ලබන මස සැප්තැම්බර් 6 වෙනිදාට එක්සත් ජාතික පක්ෂයට වසර 75ක් සපිරෙනවා. ඊට සමගාමීව අප ජාතික වශයෙන් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කර තිබෙනවා.