24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිනී ක්‍රිකට් අත්හරී

බිනී ක්‍රිකට් අත්හරී

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවට් බිනී ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි.

එ අනුව ඔහු අන්තර්ජාතික මෙන්ම පළමු පෙළ ක්‍රිකට් පිටියෙන් ද විශ්‍රාම ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 14ක් සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කර ඇති 37 හැවිරිදි බිනී අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2016 වසරේ අගෝස්තු මස බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවය.

ඉන්දියාව වෙනුවෙන් එක්දින තරගවල හොඳම පන්දු යැවීම සටහන් කර ඇති බිනී එම දස්කම දැක්වූයේ 2014 වසරේ බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේදීය. එහිදී ඔහු කඩුලු 6ක් බිඳ දැම්මේ ප්‍රතිවාදීන්ට ලකුණු 4ක් පමණක් දෙමිනි. මේ වසර මුල තෙක් බිනී පළමු පෙළ තරග ක්‍රීඩා කළේය.