― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු සිද්ධියෙන් පසු තහනම් වූ සංවිධාන 5ක තහනම ඉවතට

පාස්කු සිද්ධියෙන් පසු තහනම් වූ සංවිධාන 5ක තහනම ඉවතට

019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තහනම් කර තිබූ සංවිධාන 11න් පහක තහනම රජය විසින් ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසිනුයි නිකුත් කර ඇත්තේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජූලි 26 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව එක්සත් තව්හීද් ජමාත්, ලංකා තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදිය යන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයන් 250කට අධික පිරිසක් මරුමුවට පත් වීම සමග එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි නීති රෙගුලාසි යටතේ ජාතික තව්හීද් ජමාත් (NTJ) සහ ශ්‍රී ලංකා ජමාතේ මිල්ලතු ඊබ්‍රහීම් (JMI) සංවිධානය තහනම් කරනු ලැබුවා.

2021 අප්‍රේල් මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 27 වැනි වගන්තිය යටතේ සංවිධාන 11ක් තහනම් කර තිබුණා.

පසුව ආරක්ෂක අමාත්‍යාංශය සංවිධාන පහකට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

ජාතීන් අතර සහජීවනය වර්ධනය කිරීම සහ ජාතීන් අතර ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් මෙම කණ්ඩායම් පහට පනවා තිබූ තහනම ඉවත් කළ බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.