26.7 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු අප්‍රිකාවට එරෙහි සටනට අලුත් මුහුණු 2ක්

දකුණු අප්‍රිකාවට එරෙහි සටනට අලුත් මුහුණු 2ක්

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලි ද්විත්වය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 22කගෙන් සමන්විත සංචිතයක් නම් කරයි.

ආරාධිත විස්සයි20 තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසකට සංචිතයේ ස්ථාන හිමිව ඇති අතර, නවක ක්‍රීඩකයන් වන පුලින තරංග සහ මහේෂ් තීක්ෂණ ඊට ඇතුළත්ව සිටිති. පුලින ආරාධිත තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතරට එක්ව සිටි අතර, කඩුලු ලාභීන් අතර පෙරමුණ ගත් හිමේෂ් රාමනායකට ස්ථානයක් හිමිව නැත. ලකුණු ලබා ගැනීමේ දෙවැනි තැනට පත් වූ කමිඳු මෙන්ඩිස් සහ සිව්වැනි වැඩිම ලකුණු රැස් කළ පිතිකරු පැතුම් නිශ්ශංක ද සංචිතයට එක්ව සිටිති. නිශ්ශංකට අවසන් වරට පැවති ඉන්දියාවට එරෙහි තරගාවලිය අහිමි විය.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇති මේ සංචිතයට කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක් වූ එංගලන්ත සහ ඉන්දියාවට එරෙහි තරගාවලි ද්විත්වයම චන්දිමාල්ට අහිමි වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් නිමා වූ ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගත් රෙඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් දැක්වූ දස්කම් හේතුවෙන් චන්දිමාල්ට මේ අවස්ථාව හිමිව ඇත.

ඔහු එම තරගාවලියේ තරග 6කදී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 183ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර, තෙවැනි තැනට පත් විය.

නුවන් ප්‍රදීප් අත්දැකීම් බහුලම පන්දු යවන්නා වන අතර, ඔහු ඉන්දියාවට එරෙහි තරගාවලියට එක් නොවීය. කුසල් ජනිත් පෙරේරා මේ සංචිතයට එක් කර තිබුණ ද ඔහු විස්සයි20 තරගාවලිය පමණක් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වේ. දෙරට අතර එක්දින තරගාවලිය හෙට (2) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, ළහිරු මධුශංක, පුලින තරංග, මහේෂ් තීක්ෂණ.