― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනියඟය නිසා වන සතුන් 3000ක් මියයන බවට අනාවරණයක්

නියඟය නිසා වන සතුන් 3000ක් මියයන බවට අනාවරණයක්

දැඩි නියං කාලයේදී යාල, විල්පත්තු ඇතුළු අභය භූමිවල වෙසෙන වන සතුන් 3000ක් පමණ මියයන බව අධ්‍යයනවලදී තහවුරු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

වසර හතරකට වරක් මෙරටට බලපාන මෙම නියඟය හේතුවෙන් මෙසේ අපට විශාල සතුන් ප්‍රමාණයක් අහිමි වේ. නියං කාලවලදී වන සතුන්ට බීමට ජලය ලබාදීමට ජලසම්පත් මණ්ඩලයේ සභාපති ලෙස තමා කටයුතු කළ සමයේදී අභය භූමිවල පොකුණු නිර්මාණය කිරීමට සැලසුම් කළ බව හෙතෙම් පැවසීය.

මේ වනවිට වන සතුන් ගැවසෙන ප්‍රදේශවල පිහිටි වළවල්වලට ජල බවුසර් මගින් වතුර ගෙන ගොස් දැමුවත් ඊළඟ බවුසරය ගෙන යන විට කලින් දැමූ වතුර පොළවට උරාගෙන අවසන් වන බවද ඒ මහතා පවසයි. වන සතුන් ගැවසෙන අභයභූමි ඇතුළු තෝරාගත් ප්‍රදේශවල ‘කුට්ටම් පොකුණු’ නියමාකාරයෙන් ඉදිකරන්නේ නම් වතුර නොමැතිව නිකරුණේ මියැදෙන වන සතුන්ගේ දිවි රැකගත හැකි බවද මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ.