― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ අයදුම්පත් කාලය හෙටින් අවසන්

සාමාන්‍ය පෙළ අයදුම්පත් කාලය හෙටින් අවසන්

මේ වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට දී ඇති කාලය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් භාර ගැනීම කලින් දැනුම්දුන් පරිදි හෙටින් (23) අවසන් වන බවද ඇය කීවාය.

පසුගිය ජූලි 03 වැනිදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම ආරම්භ කළ අතර, අයදුම්පත් භාරගන්නා කාලසීමාව තුළ ජාතික හැඳුනුම්පත නොමැති පාසල් අයදුම්කරුවන් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විශේෂ උපදෙස් මාලාවක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබාදී තිබේ.

එසේම ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් මාර්ගගතව ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කිරීමේ පහසුකම විභාග දෙපාර්තමේන්තුව මඟින් සලසා දී තිබේ.

ඒ නිසා මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති අයදුම්කරුවන්ට ද නියමිත දිනට පෙර විභාගය සඳහා අයදුම් කිරීමට බාධාවක් නොවන බවද විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය.

සියලුම අයදුම්කරුවන් විභාග නිවේදනයේ දක්වා ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් හෙට දිනට (23) පෙර තම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 ක්ෂණික දුරකතන අංකයට හෝ 0112784537 / 0112786616 / 0112784208 දුරකතන අංකවලට හෝ ඇමතිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.