28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැටුප් ගැටලුව විසඳා ඇති නිසා දරුවන්ගේ බලාපොරොත්තු දැන්වත් ඉටු කරන්න

වැටුප් ගැටලුව විසඳා ඇති නිසා දරුවන්ගේ බලාපොරොත්තු දැන්වත් ඉටු කරන්න

ඇමැති අනුකමිටු සාමාජික, ඇමැති විමල් වීරවංශ

ඉතා දුෂ්කර හා අභියෝගාත්මක අවස්ථාවක, ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට රජයක් හැටියට දිය හැකි සාධාරණ හා පිළිගත හැකි හොඳම විසඳුම දී තිබියදී එයටත් වැඩි දෙයක් ඉල්ලමින් ප්‍රශ්නය තවදුරටත් දිග්ගැස්සීමට ඉඩ නොදී, දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන බලාපොරොත්තු සඵල කිරීම සඳහා පෙරමුණ ගන්නැයි මේ රටේ සමස්ත විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ගුරු – විදුහල්පති වැටුප් විසමතාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමට පත් කළ ඇමැති මණ්ඩල අනුකාරක සභාවේ සාමාජික, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

කවුරුන් හෝ මෙම විසඳුමේ සුබෝධනී කමිටුවේ නම නැතැයි කියා කෑගසන්නේ නම් ඒ මස් රාත්තලම ඉල්ලන ‘ශයිලොක්ලා’ මිස වෙන කවුරුවත් නොවන බවද ඇමැතිවරයා කියයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ ඉදිපත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මතය ඉදිරිපත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (1දා) පැවැති මාධ්‍ය හමුවේදී ය.

අයවැය එන තෙක් රුපියල් පන්දහස ගණනේ මාස දෙකක් දෙන ලෙස කැබිනට් අනුකමිටුව යෝජනා නොකළ බවත්, එම යෝජනාව රජය ගත් මෙම ප්‍රතිපත්තිමය තීන්දුව කෙරෙහි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් තුළ විශ්වාසයක් ඇති කිරීමට මුදල් ඇමැතිවරයා සද්භාවයෙන් යුතුව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් බවත් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

අයවැය තෙක් මෙලෙස රුපියල් පන්දහස බැගින් මාස දෙකකට දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සාකච්ඡාවට ගැනීමෙන් පසුව බවද ඇමැතිවරයා කීය. එසේ වුවත්, එම මුදලත් තබා ගෙන, වැටුප් වැඩිකරන අවස්ථාවේ එයත් එකතු කර දෙන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ නම්, උදාහරණයක් ලෙස වැටුප් වැඩි කරන අවස්ථාවේ දෙන්න පුළුවන් සියයට 50 නම්, එය සියයට 75 බවට පත් කර දීම ගැටලුවක් නොවන බවද ඇමැතිවරයා කීය. එසේම, මෙම පන්දහසේ කාරණාව පැත්තකට දමා රජයේ පොදු විසඳුම පිළිගන්නා ලෙස මේ රටේ විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින බවත් පැවසීය.

කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාව අනුව විදුහල්පති සේවයේ තුන එකට 19.54%කින් වැටුප් වැඩිවෙනවා. දැන් තියෙන්නේ තිස්පන්දහස් ගාණක්. ඒක හතළිස් දෙදහස් ගණනක් දක්වා වෙනවා. විදුහල්පති සේවයේ දෙකට දැන් තියෙන්නේ හතළිස් දෙදහස් ගණනක්. එය හතළිස් අටදහස් ගාණක් වෙනවා. ඊළඟට SLPS -1 දැන් තියෙන්නේ රුපියල් හතළිස් දහස් ගණනක්. එය 58,345කට වැඩි වෙනවා. ගුරු වැටුප් වැඩිවීම ගත්තොත්, SLTS 3, 2ට දැන් ලැබෙන්නේ විසිහත් දහස් ගාණක්. ඒක 31,000කට වැඩි වෙනවා. SLTS 3,1C ඒකේ 16%කට ආසන්න වැටුප් වැඩිවීමක් හම්බවෙනවා. ඊට පහළ තියෙන ඒවාටත් වැටුප් වැඩිවෙනවා 19% ගාණකින්. අන්තිමට SLTS 3, 1A එකට වැටුප් වැඩිවෙනවා 20.43%කින්. මේක කැබිනට් මණ්ඩලය අනුමත කළා. රජයක් හැටියට දෙන්න පුළුවන් සාධාරණම විසඳුම තමයි මේ දීලා තියෙන්නේ’ යනුවෙන් ද ඇමැතිවරයා පැවසීය.

කැබිනට් අනුකමිටුවේ සාමාජික, පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා- සුබෝධනී කමිටු වාර්තාවේ ඇතුළත් සාධනීය කරුණු අප අර ගෙන තිබෙනවා. 1994 සිට වැටුප් තත්ත්වයන්, චක්‍රලේඛ, අධිකරණ තීන්දු මේ සියල්ල පිළිබඳ අප කරුණු අධ්‍යයනය කළා. වැටුප් කොමිසම සකස් කළ වාර්තාවේ කියා තිබෙන්නේ ගුරු වැටුප් වැඩිකිරීමට දෙන්න පුළුවන් රුපියල් බිලියන 8ක් පමණක් බවයි. අප එය බැහැර කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ යෝජනාවේ තිබුණේ බිලියන 15ක් මේ සඳහා ලබා දීමයි. එයත් අප බැහැර කළා. අප මාසිකව රුපියල් බිලියන 32ක් මේ සඳහා අතිරේකව යොදාගන්න යෝජනා කළා. මේවාට අමතරව, ගුරු හා විදුහල්පතිවරුන්ට දෙන්න යෝජනාවී තිබෙන අනෙකුත් පහසුකම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන ගණනක් වැය කරන්න රජයට සිදු වෙනවා.

සිතාරා සේනානි