28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසංගතය පාලනය කරන අතරතුර ආර්ථිකය බලගැන්වීමත් වැදගත්

වසංගතය පාලනය කරන අතරතුර ආර්ථිකය බලගැන්වීමත් වැදගත්

රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

නිරෝධායන කාල සීමාව තුළ මෙන්ම ඉන් පසුවත් වසංගතය පාලනය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවත්, එසේ නොවුණහොත් සමස්ත ජනතාවම එහි බලපෑමට මුහුණ දීමට සිදු වන බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා කියා සිටියි.

කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් රට යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙළ, රෝහල් සේවා පවත්වාගෙන යෑම, ඒවාට අවශ්‍ය පහසුකම් දීම, නිරෝධායන කාලය තුළ ජනතාවට අවශ්‍ය සහන සැලසීම ඇතුළු කාර්යයන් සඳහා රජය විශාල මුදලක් වැය කරන බවද හෙතෙම කීවේය.

මේ සියලු දේ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත්, එසේ නොවුණහොත් කොවිඩ් මර්දන වැඩසටහන පමණක් නොව, රටේ සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් විය හැකි බව ලන්සා මහතා කියා සිටියේය.

මේ නිසා අසීරුතා මධ්‍යයේ වූවද ජනතාව ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව දෙමින් ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළ අප අගය කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු ලංකාවේ සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. ඉන්පසු කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය තව දුරටත් පහළට ඇද වැටුණා. මෙය ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළා. වත්මන් රජය බලයට පත්වන විට විදේශ විනිමය සංචිත අයහපත් මට්ටමකයි තිබුණේ. එවැනි ආර්ථිකයක් භාර ගත් වත්මන් රජය අද කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා ඇති වූ ආර්ථික බලපෑම්වලට මුහුණ දීමට අපට සිදුව තිබෙනවා. කොවිඩ් වසංගතය අපේ රටට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මේ නිසා පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් යුතුව හා වගකීමෙන් රජය කටයුතු කරනවා.