― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතාවට මේ වෙලාවේ බලය බෙදීමක් ඕනේ නෑ - සාගර

ජනතාවට මේ වෙලාවේ බලය බෙදීමක් ඕනේ නෑ – සාගර

මේ අවස්ථාවේදී මෙරට ජනතාව බලය බෙදීමක් බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බලය බෙදීමේ යෝජනාවලිය කියන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය දෙයක් නොවන බැවින් බලය බෙදීමේ කාරණය පැත්තකට දමා ප්‍රධානම ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත් වී සෙසු දේවල් අමතක කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදි නොමැති තත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසළකන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ රටක් වැටී තිබෙන අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන බවයි.