― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - එංගලන්ත මිත්‍රත්ව සංගමයේ සභාපති පුටුව චන්දිමට

ශ්‍රී ලංකා – එංගලන්ත මිත්‍රත්ව සංගමයේ සභාපති පුටුව චන්දිමට

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 09 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.එම්. මුෂාරෆ් සහ ගරු අශෝක් අබේසිංහ යන අය මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ලේකම්වරයා ලෙසත්, හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සහකාර ලේකම්වරයා ලෙසත් මෙහිදී පත් කරනු ලැබුවා. භාණ්ඩාගාරික ලෙස සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පත් කෙරුණා.