― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකියි – සියඹලාපිටිය

ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකියි – සියඹලාපිටිය

ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා රට විවෘත කළ යුතු බවත් ඒ හේතුවෙන් ආනයන තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

2020 වසරේ සිට HS කේත 3000ක් ආනයනය කිරීම තහනම් කර ඇතත් එම ආනයනය ස්ථිරවම තහනම් කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැඩි අධීක්ෂණය යටතේ පවතින සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කර නැවත රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවීමට රජය වගබලා ගන්නා බ ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය පසුගිය මාස කිහිපය තුළ බොහෝ ආනයන සීමා ඉවත් කර ඇත.

ලබන මස මැද භාගයේදී පැවැත්වීමට නියමිත IMF සමාලෝචනයට පෙර ඉතිරි සීමාවන් ඉවත් කරන බව අමාත්‍යවරයා පැවසීය.