ජම්මු-කාශ්මීර් ප්‍රාන්තයේ අඩුආදායම්ලාභි ජනතාව පදිංචිව සිටින ආනන්ට්නාග් දිස්ත්‍රික්කයට නව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. එමඟින් එම දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමීම මෙහි අරමුණ වී ඇත.
මහජන සුභසාධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති නව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම මේ දිනවල සිදු කරන බවත්, තවත් සති කිහිපයකින් එහි වැඩ කටයුතු නිමා කර ජනතා අයිතියට පැවරීමට අදහස් කරන බවත් එම ප්‍රාන්ත රජය ප්‍රකාශ කළ බව ඉන්දීය වෙබ් අඩවි වාර්තා කළේය.
නව සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදි කරනු ලබන කෙහ්රිබල් මටන් පළාත ආනන්ට්නාග් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට කිලෝමීටර් 10ක පමණ දුරින් පිහිටා ඇති අතර, මේ ව්‍යාපෘතියට ඉන්දීය රුපියල් කෝටි 1.68ක් වැය කිරීමට නියමිතව ඇත. නව සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් එම පළාතේ දිළිඳු ගම්මාන රැසකට සෞඛ්‍ය පහසුකම් සැලසෙනු ඇතැයි ආනන්ට්නාග් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වාර්තාකරුවන්ට පවසා තිබේ.