― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා...

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැඩ මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා – බන්දුල

මහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගුඩ් ශෙඩ් ඉදිරිපිට ඉදිකිරීමේ සැලැස්ම වසර හතක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වී ඇති බවත් එහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ මෙම වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ(26) පෙරවරුවේ මහනුවර නගර දුම්රිය නැවතුම්පොළ හා මහනුවර අධික්ෂණ කළමනාකාර කාර්යාල සංකීර්ණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 5ක් වැයකර මහනුවර නගර දුම්රිය පොල ඉදිකර ඇත.

දැනට පවතින මහනුවර ප්‍රධාන දුම්රිය පොල නගරයේ එක් කොනක පිහිටා ඇති නිසා නව දුම්රිය පොල ඉදිකිරීම නිසා මහනුවර සිට මාතලේ දෙසට හා මාතලේ දෙස සිට මහනුවරට පැමිණෙන මගීන්ට විශාල සහනයක් ඉටු වේ.

උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 80ක් වැයකර අධීක්ෂණ කළමනාකරු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.

මාතලේ සිට නාවලපිටිය දක්වා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි හා බොක්කු ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් මෙම අංශය මගින් සිදුකරයි.

පරණ ගොඩනැගිලි සංකීර්ණය සහිත ඉඩම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සෑදීම සඳහා වෙන් කිරීම නිසා එම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, රංජිත් බණ්ඩාර මහත්වරුන්, දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී. මුණසිංහ, දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරී(මෙහෙයුම) වී. එස්. පොල්වත්ත, දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී(යටිතල පහසුකම්) එච්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිස මහනුවර අලුතෙන් ඉදිවන ද්විත්ව දුම්රිය මාර්ගයේ කටයුතු හා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර දැනට අතරමග වැඩ නැවතී ඇති ගැටඹේ ගුවන් පාලමේ කටයුතු දැක බලා ගැනීමට ද එක්විය.