― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට

ආසියානු කුසලානය වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද (27) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද පස්වරු 03.15ට මෙලෙස දිවයිනට පැමිණි බව සඳහන්.

ඔවුන් බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 190 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ආසියානු කුසලානයේ දී බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවන පළමු තරගය එළඹෙන 31 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.