29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනේෂ්ට සහ සමිතට පැරාලිම්පික් වෙතින් ලැබුණු අවසරය

දිනේෂ්ට සහ සමිතට පැරාලිම්පික් වෙතින් ලැබුණු අවසරය

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් හිමිකර ගත් දිනේෂ් ප්‍රියන්තට සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත් සමිත දුලාන්ට ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය දක්වා ක්‍රීඩා ගම්මානයේ රැඳී සිටීමට අවසර හිමිව තිබේ.
 
ඒ,  එරට ශ්‍රී ලංකාවේ තානාපති සංජීව් ගුණසේකර මහතා පැරාලිම්පික් ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමකට අනුවය. තරඟ අවසන් වී පැය 24 ක් තුළ, ක්‍රීඩකයින් ටෝකියෝ පැරාලිම්පික් ගම්මානයෙන් පිටව යා යුතුය.
 
නමුත්, පදක්කම්ලාභී ක්‍රීඩකයින්ට සමාප්ති උත්සවයට සහභාගී වී කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා සංජීව් ගුණසේකර මහතා මෙම ඉල්ලීම කර තිබුණි.