28.4 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයේ 175කට රට පනින්න ෆේස්බුක් උදව් කරලා

ඇෆ්ගනිස්තානයේ 175කට රට පනින්න ෆේස්බුක් උදව් කරලා

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු එරට වැසියන් 175 දෙනකුට රටින් පිටවීමට සහාය දුන් බව ‘ෆේස්බුක්‘වෙබ් අඩවිය සඳහන් කර තිබේ. එම වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයේ පිරිසකටද මෙක්සිකෝව බලා ගුවන්ගත වීමට සහාය දුන් බව ෆේස්බුක් වෙබ් අඩවිය ප්‍රකාශ කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

එම වෙබ් අඩවියේ ක්‍රියාකාරීන්, ස්වාධීන වාර්තාකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ දරුවන් 75 දෙනකු ගුවන් මගින් තම රටට පැමිණි බව මෙක්සිකෝ රජය ද ඊයේ තහවුරු කළේය.

තලෙයිබාන් සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකමින් සිය වෙබ් අඩවියෙන් එම සංවිධානයේ තොරතුරු ඉවත් කිරීමට ද ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ.