28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තානයට ආහාර අර්බුදයක් අත වනයි

ඇෆ්ගනිස්තානයට ආහාර අර්බුදයක් අත වනයි

ඉදිරි මාසය ඇතුළත ඇෆ්ගනිස්තානයේ ආහාර අර්බුදයකට මුහුණදීමට තලෙයිබාන් සංවිධානයේ නව රජයට සිදු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත. නව රජයක් පිහිටුවීම සඳහා මේ වන විට තලෙයිබාන් සංවිධානය දැඩි උත්සාහයක නිරතව සිටින අතරතුර එරට ජනගහනයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් කුසගින්නෙන් පසු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඇෆ්ගනිස්තානයට ලැබෙන බොහෝ අන්තර්ජාතික ආධාර මේ වනවිට නවතා දමා ඇති අතර, එරට රජයේ සේවාවන් තවමත් ක්‍රියාත්මක නොවන බැවින් රජයේ සේවකයන්ට වැටුප් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇත. දැනටමත් ඇෆ්ගනිස්තානයේ දරුවන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයකට ඔවුන්ගේ ඊළඟ ආහාර වේල සපයාගැනීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බවත්, රටේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය තුරන් වනතුරු එරට ජනතාවගෙන් තුනෙන් එකක පිරිසකට සාගින්නේ සිටීමට සිදු වනු ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

මේ අතර පසුගිය දිනවල ඇෆ්ගනිස්තානයේ ආහාර මිල සියයට 50%කින් සහ පෙට්‍රල් මිල 75% කින් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.