― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalරජය කිසිදු මැතිවරණයක් කල්දාන්නේ නෑ - බන්දුල

රජය කිසිදු මැතිවරණයක් කල්දාන්නේ නෑ – බන්දුල

රජය කිසිදු මැතිවරණයක් කල් නොතබන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් කල් නොයන බවට සැකයක් ඇති කර ගත යුතු නැති බවත් සෑම මැතිවරණයක්ම නියමිත දිනට නීත්‍යානුකූලව පවත්වන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.