― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනයිජීරියාවේ තවත් පාසල් සිසුන් 70කට අධික පිරිසක් පැහැරගෙන

නයිජීරියාවේ තවත් පාසල් සිසුන් 70කට අධික පිරිසක් පැහැරගෙන

තුවක්කුකරුවන් විසින් උතුරුදිග නයිජීරියාවේ සිසුන් 70 දෙනකුට අධික පිරිසක් පැහැරගෙන යනු ලැබූ බව එරට පොලිසිය ප්‍රකාශ කළේය. පාසල් දරුවන් ඉලක්ක කරමින් පසුගිය කාලය පුරා මෙවැනි පැහැරගැනීම් රැසක් නයිජීරියාවෙන් වාර්තා වී තිබිණි.

මෙසේ පැහැරගනු ලැබුවේ උතුරුදිග නයිජීරියාවේ ග්‍රාමීය පළාතක් වන කායාහි රජයේ පාසලක සිසුන් පිරිසකි. ආයුධ සන්නද්ධ විශාල පිරිසක් පැමිණ එම පාසලට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මේ පැහැර ගැනීම සිදුවී ඇතැයි එම පළාත අයත් සම්ෆාරා ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා නයිජීරියාවේ පාසල් සිසුන් දහසකට වැඩි ප්‍රමාණයක් මෙසේ පැහැර ගැනීමට ලක්වී තිබේ.