27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපානදුර සලිඳුට උණ්ඩියල් ක්‍රමයට කුඩු සල්ලි කෝටි 2ක් යවලා

පානදුර සලිඳුට උණ්ඩියල් ක්‍රමයට කුඩු සල්ලි කෝටි 2ක් යවලා

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කරන සලිඳු මල්ෂිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට උණ්ඩියල් ක්‍රමයට රුපියල් කෝටි 2 කට අධික මුදලක් මෙරටින් යැවිමට තැත් කළ සැකකරුවකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 28 වනදා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

මෙලෙස අත්තඩංගුවට ගත් සැකකරු වත්තල හැදල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පානදුර කුඩා අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට දැනට ඩුබායි රාජයේ සැඟව සිටින බවට සැකකරන සලිඳු මල්ෂිත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සතු නීතිවිරෝධි වත්කම් පිළිබඳ මුදල් විශුද්ධිරකරණ පනත යටතේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසී ය.