― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරජයේ මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතුයි - එරාන් වික්‍රමරත්න

රජයේ මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතුයි – එරාන් වික්‍රමරත්න

වත්මන් රජය යටතේ සිදුවෙමින් පවතින මාධ්‍ය මර්දනය වහාම නැවැත්විය යුතු බවත් වත්මන් රජය මාධ්‍ය මර්දනය කිරීමට බලය පාවිච්චි කරන ආකාරය මාධ්‍යවේදීන්ට පමණක් නොව ජනතාවටත් තේරුම් ගොස් ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේතුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ලේක් හවුස් මාධ්‍යවේදී මධුක ප්‍රනාන්දු, දරීශා බැස්ටියන්, ක්‍රිශාන්ත කුරේ යන අයව දඩයම් කළ රජයේ මීළග ඉලක්කය වී ඇත්තේ හිරු නාලිකාවේ චමුදිත සමරවික්‍රම බවයි.

රජයේ දඩයමට ගොදුරු වූ මාධ්‍යවේදීන්ගේ නාම ලැයිස්තුව ඉතා දුරට විහිදී යන බවත් මෙම මාධ්‍යවේදීන්ට සිදු වූ දේ හෙට දිනයේදී ඔබට, මටද සිදුවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආණ්ඩුව බලයට පත්වීම සදහා ආයුධයක් ලෙස මාධ්‍ය භාවිතා කළ නමුත්, ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපය රටට හෙළි කිරීම නිසා මාධ්‍ය මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බවත් හෙතෙම අවධාරණය කළේය.