― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගම්මන්පිලගෙන් තානාපතිවරුන්ට විශේෂ කැඳවීමක්

ගම්මන්පිලගෙන් තානාපතිවරුන්ට විශේෂ කැඳවීමක්

තෙල් නිෂ්පාදනය කරන සියලුම රටවල තානාපතිවරුන්ට මාර්තු මස 15 වැනිදා කැඳවීමක් කර ඇති බවත් දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීමට සාකච්ජා කිරීමට එහිදී බලාපොරොත්තු වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ පවතින්නේ ඉන්ධන, ඖෂධ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නොව විදේශ විනිමය හිඟයක් බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

“රටේ මේ වෙන කොට ඩීසල් හිඟයක් පවතිනවා. එයට හේතුව තමයි අවසන් ඩිසල් නැව නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා තෙක් අපි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩිසල් සිමා සහිතව නිකුත් කිරීම. මේ වෙනකොට රටට ඉන්ධන රැගත් නෞකා 03ක් පැමිණ තිබෙනවා. ඉන් එක නෞකාවක තිබූ පෙට්‍රල් ගොඩබෑම සිදුකරනු ලැබුවා. ඩිසල් නෞකාව සඳහා අවශ්‍ය විදේශ විනිමය ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැදිහත්වී සොයා දෙනු ලැබුවා. ඒ වගේම අනෙක් ඉන්ධන නෞකා සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට මුදල් ඇමැතිතුමා පියවර ගන්නවා කියලා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.

පෙබරවාරි 05 වෙනිදා ලංකා ඓOC සමාගම විසින් සිදුකළ මිල වැඩිකිරීමත්, විශාල මුදලකින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුකළ යුතු බවට ප්‍රසිද්ධියේම ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීම් සිදුකිරීම නිසා ඉන්ධන මිල වැඩිවේයැයි කියා සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවා ගත්තා. ඇත්ත ඒකයි.

අපි අවසන් වරට ඉන්ධන මිල වැඩි කලේ දෙසැම්බර් 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල තිබුනේ අමෙරිකානු ඩොලර් 72යි, නමුත් ඊයේ වෙද්දී එය ඩොලර් 99ක්. මේ කාල සීමාවේදී ජාත්‍යන්තර වෙළෙදපොලේ ඉන්ධන මිල සියයට 38කින් ඉහළ ගිහින් තියෙනවා. යුක්රේන -රුසියා අර්බුදය නිසා ඉක්මනින්ම ඉන්ධන බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවන්න පුළුවන්.”