27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් යළිත් දෛනික ආසාදිතයින්ගේ ඉහළ යාමක්

ඉන්දියාවෙන් යළිත් දෛනික ආසාදිතයින්ගේ ඉහළ යාමක්

ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇත. 
 
එරටින් මාස දෙකක කාලයක් තුළ දී දෛනිකව වාර්තාවන වැඩිම ආසාදිතයින් සංඛයාව පෙරේදා(01) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 45,971කි. 
 
ඉන් ආසාදිතයින් සියයට 70කට ආසන්න පිරිසක් හදුනා ගෙන ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් බව සදහන්වේ. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය මේවන විට කොරෝනා ව්‍යාප්තියේ දැඩි බලපෑමකට ලක්ව තිබේ. 
 
එම ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් ඉහළ යාමත් සමඟ වෛරසය එරට අනෙකුත් ප්‍රාන්ත දක්වා ව්‍යාප්තවීම වැළැක්වීම සදහා විධිමත් පියවර ගත යුතු බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.