26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඅල්කයිඩා පවුලට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

අල්කයිඩා පවුලට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

කොටදෙණියාව ප්‍රදේශයේ නිවසක පිරිසකට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) සවස එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වත්තේමුල්ල, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අඹු සැමි යුවළක් කඩුවලින් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියට එම සැකකරුද සම්බන්ධ බව පොලීසිය පවසයි. පසුගිය 15 වැනිදා සිවුරු පොරවාගත් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු බීමතින් කඩු හා මන්නා පිහි රැගෙන කොටදෙණියාව, වත්තේමුල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී එම අපරාධය සිදුකර තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොටදෙණියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔවුන් පදිංචි නිවස අල්කයිඩා නිවස යනුවෙන් හැඳින්වීමට ගම්වාසීන් පුරුදු වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

එම සැකකරුවන් වරින්වර පන්සල්වලට ගොස් චීවරය පොරවාගෙන බෞද්ධ ස්වාමීන්වහන්සේලා ලෙස පෙනී සිටිමින් විටින්විට ගම් ප්‍රදේශයට පැමිණ කලහකාරී ලෙස හැසිරී ගම්වාසීන්ට හිරිහැර කිරීම් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.