― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalකුලී වැඩට පැමිණ නිවෙස් හිමි කාන්තාව ඝාතනය කරලා

කුලී වැඩට පැමිණ නිවෙස් හිමි කාන්තාව ඝාතනය කරලා

යාපනය කෝපායි පොලිස් වසමේ රාසාවින් ප්‍රදේශයේ පිහිටි නිවෙසක වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කොට තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මරයිනායගම් ජෙයසීලි නැමති 72 හැවිරිදි වයොවෘද්ධ කාන්තාවකි.

මෙම කාන්තාවගේ මළ සිරුර ඊයේ (22) සවස සොයාගත් බව පොලීසිය පවසයි.
අදාළ කාන්තාවගේ නිවසේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කුලී පදනම මත නැවතී සිටින අතර සිසුන් විශ්වවිද්‍යාලයට ගොස් ආපසු නිවසට පැමිණීමේදී නිවෙස් හිමි කාන්තාව පුටුවක් මත ඝාතනය කොට සිටිනු දැක ඒ පිළිබඳ සිසුන් විසින් කෝපායි පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව පොලිසිය නිවෙසට පැමිණ සිදුකරන ලද පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ කාන්තාවගේ හිසට පහරදීමක් සිදුකොට ඇති බවටත් අසල බිම මල් පෝච්චියක් වැටී තිබූ හෙයින් මල් පෝච්චියෙන් හිසට සිදු කළ පහරදීමකින් අදාළ කාන්තාව මිය ගොස් ඇති බවට සැක පළ කරන බවටත්ය.

මිය ගිය කාන්තාවගේ ගෙවත්තේ එදින කුලී වැඩට පුද්ගලයෙකු පැමිණ ඇති බවටත් මිය ගිය කාන්තාව පැළඳි සියලු රන්ආභරණ නොතිබූ අතර කුලී වැඩට පැමිණි පුද්ගලයාද අතුරුදහන්ව සිටි හෙයින් එම පුද්ගලයා විසින් අදාල කාන්තාවට පහරදී රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇති බවට සැක පල කරන බවද එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇතැයිද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.