කොලොම්බියාවෙන් මුලින්ම හඳුනා ගැණුනු කොරෝනා වෛරසයේ “මූ ප්‍රභේදය” මේ වන විට රටවල් 43 ක ව්‍යාප්ත වී ඇති බව කොලොම්බියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම නව ප්‍රභේදය විකෘති ගණනාවකින් යුක්ත බැවින් මේ පිළිබඳව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් අධ්‍යයන රැසක් සිදුකළ යුතු බව ලෝත සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
“මූ ප්‍රභේදයේ” ව්‍යාප්තිය ගෝලීය වශයෙන් තවමත් 0.1% ක අගයක් ගන්නා නමුත් කොලොම්බියාවේ සහ අසල්වැසි ඉක්වදෝරයේ මෙය ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ.
කොලොම්බියාවේ කොවිඩ් රෝගීන්ගෙන් 39% කට පමණ මෙම ප්‍රභේදය ආසාදනය වී ඇති අතර එරට තුන්වැනි රැල්ලේ මරණවලින් 60% ක් මෙම ප්‍රභේදය හා සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත.