28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර හිඟ නොවීමට ආණ්ඩුව හැකි සෑම පියවරක්ම ගත්තා

ආහාර හිඟ නොවීමට ආණ්ඩුව හැකි සෑම පියවරක්ම ගත්තා

ආහාර සහ භාණ්ඩ හිඟයක් ඇති නොවනු පිණිස ආණ්ඩුවක් වශයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. ඊට භාණ්ඩ සැඟවූ ස්ථාන සොයා කරන වැටලීම් මෙන්ම උපරිම සහ අවම මිල මට්ටම් පනවා පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා යන දෙදෙනාම ආරක්ෂා කිරීමට ගන්නා ක්‍රියාමාර්ගද ඇතුළත් බවත් කබ්රාල් මහතා පැවසීය. ඇතැම් වෙළෙඳුන් ආහාර සැඟවීම නිසා හටගත් තත්ත්වයක් මිස රට තුළ කිසිදු ආහාර වර්ගයක හිඟයක් නැති බවත් කබ්රාල් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් සම්බන්ධයෙන් අන්තර්ජාතික මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළව ඇති ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කළ කබ්රාල් මහතා මෙරටට පැමිණ සත්‍ය තත්ත්වය දැක බලා ගෙන වාර්තා කරන්නැයි අන්තර්ජාතික මාධ්‍යයට ආරාධනාවක්ද කළේය. කබ්රාල් මහතා මෙසේද ප්‍රකාශ කළේය. 2019දී ශ්‍රී ලංකාව වැටෙනවා කිව්වා.

ඒක හරි ගියේ නැති වුණාම 2020 ශ්‍රී ලංකාව වැටෙනවා කිව්වා, ඊළඟට 2021 වැටෙනවා කිව්වා, දැන් කියනවා 2022 දී ශ්‍රී ලංකාව ඉවරයි වැටෙනවා කියලා. කොවිඩ් 19 නිසා ඇති වී තිබෙන සෞඛ්‍ය තත්ත්ව නිසි පාලනයට ගැනීමට ආණ්ඩුව වැඩි ආර්ථික බරක් යොදා කටයුතු කරනවා. මේ දේවල් කාලයක් නිසි පරිදි කරන විට වැඩි කාලයක් ගත නොවී රට විවෘත කිරීමට හැකි වන බව නිසැකයි.

බුද්ධි කරුණාරත්න