රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරු 03.30 ට ආරම්භ වීමට නියමිතය.
වෛද්‍යවරුන්ට අදාළව දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ හටගෙන ඇති ස්ථාන මාරු ගැටලුව, වැටුප් ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරේ.
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය නොකරමින් සියලුම රාජ්‍ය සේවකයින්ට සාධාරණයක් ඉටුවන පරිදි අදාළ වැටුප් හා දීමනා වැඩිකිරීම සහ පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබදව එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය.