28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව වේගවත්ම මිනිසා නිවාඩු යයි

ලොව වේගවත්ම මිනිසා නිවාඩු යයි

ටෝකියෝහිදී නිමා වූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී මීටර් 100 ඉසව්ව ජය ගනිමින් ලොව වේගවත්ම මිනිසා බවට පත් වූ ඉතාලියේ ලැමොන්ට් මාර්සල් ජේකොබ්ස් ක්‍රීඩා පිටියෙන් නිවාඩුවක් ගන්නා බව පවසයි.

ඒ අනුව ඔහු 2022 වසර දක්වා යළි තරග බිමට එක් නොවීමට තීරණය කර තිබේ.

මීටර් 100 ඉසව්ව යුරෝපීය වාර්තාවක් ද සමඟ තත්පර 9.80කින් නිම කරමින් ඔලිම්පික් රන් පදක්කම දිනාගත් 26 හැවිරිදි ජේකොබ්ස් ඉතාලි මීටර් 100 සහාය දිවිමේ රන් පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් ද විය.

ඔලිම්පික් උලෙළේ තෙහෙට්ටුව මෙන්ම දණහිසේ ගැටලුවක් මීට හේතුව බව ඉතාලි මාධ්‍ය සඳහන් කර ඇති අතර, ඔහුගේ කළමනාකරු පවසන්නේ විවේක ගැනීමට ගත් තීරණය ආබාධ හේතුවක් නොවන බවයි.

යුරේපීය ගෘහස්ථ මීටර් 60 ඉසව්වේ ශූරයාද වන ජෙකෝබ්ස්ට ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් අනතුරුව සහභාගි වීමට තිබුණේ මේ මස 21 වැනිදා අමෙරිකාවේ පැවැත්වෙන ඉයුජින් ඩයමන්ඩ් ලීග් තරගාවලියටයි. ඉන් පසු ලබන මස 3 වැනිදා බ්‍රසල්ස්හිදීත්, 9 වැනිදා සූරිච්හිදීත් ඩයමන්ඩ් ලීග් අවසන් තරග සඳහා එක් වීමට නියමිතව සිටියේය.

පසුගිය සඳුදා ටොකියෝ සිට ඉතාලියට පැමිණි පසු ජාතික වීරයෙකු ලෙස පිළිගනු ලැබූ ජේකොබ්ස් යළි පුහුණුවීම් ආරම්භ කර තිබේ.