26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැඳුම්කර ගනු දෙනුව ගැන කබීර් හෂීම්ට චෝදනා නොකිරීම බරපතළ සැකයක්

බැඳුම්කර ගනු දෙනුව ගැන කබීර් හෂීම්ට චෝදනා නොකිරීම බරපතළ සැකයක්

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර ගනු-දෙනුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට, අර්ජුන් ඇලෝසියස්ට සහ තමාට චෝදනා කළත් එවකට විෂය භාර ඇමැතිව සිටී කබීර් හෂීම් මහතාට චෝදනා නොකිරීම බරපතළ සැකයකට හේතු වන බව රවී කරුණානායක මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබේ.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක මහතා මෙසේ ද කියා තිබේ.

කබීර් හෂීම් මහතා මේ වන විට සිටින්නේ සමඟි ජන බලවේගය එක්ක. සියලු දෙනාම එදා වැඩ කළේ තනි තනිවමයි. ඒ සියලු දෙනාට අවශ්‍ය වූයේ තනිවම රජ වෙන්න විනා ආණ්ඩුවක්, එක කණ්ඩායමක් සහ පක්ෂයක් ලෙස වැඩ කිරීමට නොවෙයි. යහ පාලන ආණ්ඩුව රටට-ජනතාවට කළ මෙහෙවර ගැන ප්‍රචාරය කළේ නැහැ. සියලු දෙනාම කළේ තනි තනියෙන් ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරමින් තනිවම ලකුණු ගැනීමටයි. රජයක් ලෙස අපි එදා කළ සේවය ගැන සියලු දෙනා අද කතා කරමින් සිටිනවා. මම අද තනි වෙලා. ඔබලාත් තනි වෙලා. එහෙත් අපට අදටත් විධිමත් සහ සාර්ථක ප්‍රචාරක ව්‍යාපෘතියක් ඇත්තේ නැහැ.

වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු කිසිදු විවේචනයක් එල්ල නොකිරීම සැකයට ද තුඩු දෙන බවද කරුණානායක මහතා එහිදී සඳහන් කර තිබේ.

ශිරෝමි අබයසිංහ