28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිපක්ෂ නායක සජිත් වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරයි

විපක්ෂ නායක සජිත් වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරයි

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනතාවගේ සුභසිද්ධිය උදෙසා සිය වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

පසුගියදා පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිය වැටුප පරිත්‍යාග කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශයට ඒකමතික කැමැත්ත පළ කරමින් සමඟි ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරුන් ද සිය වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව බේරා ගැනීමේ අරමුණින් යුතුව රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමඟි ජන බ‍ලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සිය වැටුපෙන් කොටසක් පරිත්‍යාග කිරීමට සූදානමින් සිටිති.

මෙරට උද්ගතව ඇති කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම උදෙසා විපක්ෂය වශයෙන් සිය උපරිම දායකත්වය ලබා දිය යුතු බවට එහිදී විපක්ෂ නායකවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පහන් විජේසේකර