30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිනියා රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක්

ගිනියා රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක්

ගිනියා රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදු වී ඇතැයි වාර්තා වේ. එරට හමුදාව ජනාධිපති මන්දිරය වටලා ජනාධිපති ඇල්ෆා කොන්ඩේ අත්අඩංගුවට ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. හමුදා භට පිරිසක් විසින් වට කරගනු ලැබූ වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, ඔහුව බලය බලයෙන් නෙරපා ඇතැයි සැක පහළ කර ඇත.

ඔහු රූපවාහිනියේ පෙනීසිටිමින් කියා සිටියේ ආණ්ඩුව විසුරුවා හැරිය බවය. කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ජනාධිපති ආරක්ෂක භටයන් විසින් කුමන්ත්‍රණය ව්‍යර්ථ කරනු ලැබූ බවයි. මේ තත්ත්වය හේතුවෙන් කොනාක්‍රි අගනුවර පැය ගණනාවක් තිස්සේ දරුණු වෙඩි හුවමාරුවක් පැවැති බව ද වාර්තා වේ.