25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවේ සිරගෙයක ගින්නක්

ඉන්දුනීසියාවේ සිරගෙයක ගින්නක්

41ක් මරුට

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක හටගත් ගින්නක් හේතුවෙන් රැඳවූවන් 41 දෙනකු ජීවිතක්ෂයට පත් වී, තවත් අට දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. මිය ගිය පිරිස අතර දකුණු අප්‍රිකානු ජාතිකයකු සහ පෘතුගාල ජාතිකයකු ද සිටින බව එම පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කළේය.

ජකර්තා අගනුවරට තදාසන්නව පිහිටි මේ බන්ධනාගාරයේ ගින්න හට ගෙන ඇත්තේ ඊයේ උදෑසනය. එහි එක් ගොඩනැඟිල්ලක ගින්න හට ගත් අවස්ථාවේ ඒ ස්ථානයට පැමිණි ගිනි නිවන හමුදාව සෙසු ගොඩනැඟිලිවලට ගින්න පැතිරීම වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, ගින්න නිවා දැමීමට පැය දෙකකට වඩා කාලයක් ගත වූ බව වාර්තා වේ. ගින්න හට ගත් අවස්ථාවේ ගොඩනැඟිල්ල තුළ මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවූවන් 122 දෙනකු සිටි බව එරට පොලිසිය සඳහන් කර තිබේ.