26.7 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයර්ලන්තයට පළමුවරට කළු රූ රැජනක්

අයර්ලන්තයට පළමුවරට කළු රූ රැජනක්

කළු ජාතික තරුණියක් පළමු වතාවට අයර්ලන්තයේ රූ රැජින තරගයෙන් ජය අත්කර ගත්තාය. ඇය 26 හැවිරිදි විද්‍යාඥවරියක හා මෝස්තර නිරූපිකාවක වන පමේලා උබා ය. අයර්ලන්ත රූ රැජින ලෙස කිරුළ පළන් ඇය 1947 සිට මේ වන තෙක් වසර 74ක් පැවැති එරට රූ රැජින තරගාවලිය ජයගත් පළමු කළු ජාතික තරුණිය ලෙස වාර්තා පොතට එක් වූවාය. දකුණු අප්‍රිකාවේ උපත ලැබූ පමේලා සිය පවුලේ සාමාජිකයන් සමඟ අයර්ලන්තයට සංක්‍රමණය වූයේ 7 හැවිරිදි වියේදීය. අනතුරුව ඩබ්ලින් නුවර අධ්‍යාපනය හදාරමින් රසායන විද්‍යා උපාධියක් හිමිකරගත් පමේලා මේ වසරේ අග භාගයේ බටහිර ඉන්දීය දුපතක් වන පොර්ටෝ රීකෝහි පැවැත්වීමට නියමිත ලෝක රූ රැජන තරගයට සහභාගි වනු ඇත.