26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොදු රද මඬුලු බර ඉසිලීමට 20ක්

පොදු රද මඬුලු බර ඉසිලීමට 20ක්

පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරඟාවලියට සහ ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20ක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය තීරණය කරයි.

බර පන්ති 8ක් යටතේ ක්‍රීඩකයෝ දස දෙනෙක් සහ බර පන්ති 9 ක් යටතේ ක්‍රීඩිකාවෝ 10ක් මෙම කණ්ඩායමට ඇතුලත් වෙති.

මෙවර ලෝක ශුරතා බර ඉසිලීමේ ශූරතාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලිය එකම තරගාවලියක් ලෙස පවත්වා වෙන් වෙන්ව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට පදක්කම් පිරිනැමීමට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන ඇත.

කොරෝනා වසංගතය හමුවේ 2020 පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලිය සහ ලෝක ශූරතාවලිය පැවැත්වීමට සංවිධායකයන්ට නොහැකි විය. මෙවර තරගාවලිය දෙසැම්බර් මස 7 සිට 17 දක්වා උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අග නගරයේ දී පැවැත්වේ.

පිරිමි කණ්ඩායම:

ඩිලංක ඉසුරු කුමාර , චතුරංග ලක්මාල් ජයසූරිය, තිලංක විරාජ් පළගසිංහ, මනෝජ් මධුවන්ත විජේසිංහ, ඉන්දික චතුරංග දිසානායක, ඇන්ටන් සුදේශ් පීරිස්, චින්තන ගීතාල් විදානගේ, ශානක මධුශංක පීටර්ස්, සමන් අභයවර්ධන සහ ඩබ්ලිව්. පී. උෂාන් චාරුක.

කාන්තා කණ්ඩායම:

ඩී.එම්. ශ්‍රීමාලී සමරකෝන්, දිනූෂා හංසනී ගෝමස්, චමරී මෙන්ඩිස් වර්ණකුලසූරිය, එම්.උමෙයිරා මොහිඩීන්, ආර්.එම්.එන්.එස්.රාජපක්ෂ, ආශිකා විජය බාස්කර්, ජී.ජී.ඩී.ටී.ගුරුගම, පී. ඩී. එන්. සංජනා වෙදාරච්චි, බී. චතුරිකා ප්‍රියන්ති සහ ටී. එන්. බී. ජේ. හපුතැන්න.

 

අනුරාධ බණ්ඩාර