― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගල්අඟුරු ගනුදෙනු විමර්ශනයට අදාළව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරයි

ගල්අඟුරු ගනුදෙනු විමර්ශනයට අදාළව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරයි

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් අද (13) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා සඳහන් කළේ, ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් රහුමාන් මහතා විසින් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර කරුණු ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ප්‍රකාශය සටහන් කරගත් බවයි.

මේ වන විට එම කොමිෂන් සභාව පුද්ගලයන් 60කට වැඩි සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සියයකට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.

2009 වසරේ සිට මේ දක්වා සිදු වූ ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා කටයුතු කරති.

මේ අතර, බාල තත්ත්වයේ ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රුපියල් කෝටි 223කට අධික මූල්‍ය අලාභයක් සිදුව ඇති බව විගණන වාර්තාවකින්ද අනාවරණය කර තිබේ.