― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිට්වා ගෙවල් කුලී දීමනාවේ කාලය දිගු කරයි

දිට්වා ගෙවල් කුලී දීමනාවේ කාලය දිගු කරයි

දිට්වා නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ අයට නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලික ස්ථානයක පදිංචි වීමට දුන් මාසික නිවාස කුලී දීමනාව තවත් මාස තුනක් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම දීමනාව මාස හයක කාලයක් සඳහා ගෙවීමට මුලින් තීරණය කර තිබිණි.

නව තීරණය අනුව උපරිමය මාස 9 ක් දක්වා මාසිකව රුපියල් 25,000 බැගින් සුදුසුකම් ලැබූවන් වෙත මෙම මුදල ලබාදීමට නියමිතය.

මේ පිළිබඳව දැනුවත් කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා නව චක්‍රලේඛයක්ද නිකුත් කර ඇත.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,දිස්ත්‍රික් ලේකම්/ දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අදාල චක්‍රලේඛය යවා තිබේ.