27.2 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගන් වොලිබෝල් ක්‍රීඩිකාවක මරා දැමූ බවට හෙළිදරව්වක්

ඇෆ්ගන් වොලිබෝල් ක්‍රීඩිකාවක මරා දැමූ බවට හෙළිදරව්වක්

ඇෆ්ගනිස්තාන කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවක පසුගිය මාසයේ මරා දමා ඇති බව තලේබාන් සංවිධානයට බියේ සැඟවී සිටින හිටපු වොලිබෝල් ක්‍රීඩිකාවන් දෙදෙනකු බීබීසී පුවත් සේවයට පවසයි.

ඇෆ්ගනිස්තාන කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 30 කට ආසන්න සංඛ්‍යාවක් ඇෆ්ගනිස්ථානයෙන් පැන යාමට බලාපොරොත්තුවෙන් සැගව සිටින බව එම සාමාජිකාවෝ පවසා තිබේ. පසුගිය මාසයේ ඇෆ්ගනිස්ථානයේ පාලනය නැවත ලබාගත් තලේබාන් සංවිධානය ක්‍රීඩිකාවන්ගේ පවුල්වල අයට තර්ජනය කරමින් සිටින බව එක්සත් රාජධානියට පලාගොස් සිටින ඇෆ්ගනිස්තාන කාන්තා වොලිබෝල් පුහුණුකාරිනී සහරා ෆයාසි සදහන් කළාය. පුහුණුකාරිනියක්වීමට පෙ‍ෙ ඇය ඇෆ්ගන් කාන්තා වොලිබෝල් කණ්ඩායමට වසර 7 ක් ක්‍රීඩා කළාය.

“ඔවුන් තමන් සහ තම පවුලේ අය බේරා ගැනීම සඳහා ඔවුන්ගේ ක්‍රීඩා උපකරණ පවා පුළුස්සා දැමුවා. ක්‍රීඩාවට සම්බන්ධ කිසිවක් ඔවුන් තබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නෑ. අපේ ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකුට තලේබාන් අනුගාමිකයන් අවස්ථා කිහිපයකදීම තර්ජනය කළා.

තලේබාන් සංවිධානය අපේ ක්‍රීඩිකාවන්ගේ පවුල් වලින් ඉල්ලා සිටියේ ගැහැණු ළමයින්ට ක්‍රීඩා කිරීමට ඉඩ නොදෙන ලෙසයි. එසේ නැත්නම් අනපේක්ෂිත ප්‍රචණ්ඩ ක්‍රියාවකට මුහුණ දීමට සිදු වන බව අනතුරු ඇගෙව්වා” සහරා ෆයාසි සදහන් කළාය.