― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිකරණ ඇමතිට විශ්වාස භංගයක්

අධිකරණ ඇමතිට විශ්වාස භංගයක්

අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරු අත්සන් තබති

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය පියවර ගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවය සම්බන්ධයෙන්, බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ඒ පිළිබඳ වගකීම සහ වගවීම නිසි ලෙස ඉටු කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරයි.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් මියයාමත් සමඟ බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබුණි.

එම තත්ත්වය පාලනය කිරීම සඳහාත්, බන්ධනාගාරය තුළ සිටින සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් විෂය භාර අමාත්‍යවරයා ලෙස හර්ෂණ නානායක්කාර මහතා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව පවසමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.