චරිත් අබේසිංහගෙන් සජිත්ට රුපියල් කෝටියක් ලබාදුන් බවට නියෝජ්‍ය අමාත්‍යවරියගෙන් චෝදනාවක්
පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව සමගි ජන බලවේගයේ හිටපු සාමාජිකයෙකු වූ චරිත් අබේසිංහ විසින් රුපියල් කෝටියක මුදලක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදී ඇති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
වත්මන් රජය බලයට පත් නොවූයේ නම්, පාතාල කණ්ඩායම්වලින් කප්පම් ලබාගන්නා පුද්ගලයෙකු ලෙස චරිත් අබේසිංහ මහතා අද වනවිට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට පත්ව සිටීමට ඉඩ තිබූ බවද ඇය සඳහන් කළාය.
ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, චරිත් අබේසිංහ විසින් රුපියල් කෝටියකට අදාළ මුදලක් මුදල් ලෙස විපක්ෂ නායකවරයා වෙත ලබාදුන් බවයි.
ඇය වැඩිදුරටත් පැවසුවේ, වත්මන් ආණ්ඩුව බලයට නොපැමිණියේ නම් චරිත් අබේසිංහ මහතා අද වනවිට සමගි ජන බලවේගයේ උපනායකවරයා බවට පත්ව සිටීමට ඉඩ තිබූ බවයි.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් හා මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විදේශ රටවලදී චෝදනා ලැබ දඬුවම් විඳි පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් පක්ෂ තනතුරු සඳහා පත් කිරීමක් තම පාර්ශ්වය සිදුකර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ජනාධිපතිවරණයෙන් පසුව පැවති මහ මැතිවරණ සමයේදී චරිත් අබේසිංහ මහතා විසින් රුපියල් කෝටියක මුදලක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා නොදුන් බවට හැකි නම් ඔප්පු කරන ලෙසද ඇය අභියෝග කළාය.


